මහ විලච්චිය වෙල් යායකදී මුවෙකු ඇණීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් සිවිල් ආරක්ෂක උපනියාමකවරයකු ජීවිතක්ෂයටපත්ව ඇතැයි මහ විලච්චිය පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහවිලච්චිය, වම් ඉවුර , අංක 257 ලිපිනයේ පදිංචි ජී.ආර් ලක්ෂ්මන් ප්රියංකර සේනාධීර (44)නම් විල්පත්තුව සිවිල් ආරක්ෂක බලකායේ මහ විලච්චිය උපකාර්යාලයට අනුයුක්තව සේවය කල උපනියාමකවරයෙකි.
මියගිය උපනියාමකවරයා සිය කුඹුරේ වගා කර ඇති වී හා වට්ටක්කා වගාව නිරීක්ෂණයට යමින් සිටියදී අද (11) මුවෙකු පිටුපස සුනඛ රෑනක් ලුහු බැද ඇති අතර උපනියාමකවරයාද ඒ පසුපස හඹා ගොස් ඇති අතර ඒඅවස්ථාවේදී මුවා උපනියාමකවරයාගේ පපු ප්රදේශයට ඇණ ඇත.
කඩිනමින් තුවාලකරු මහවිලච්චිය රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහ විලච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.