යාපනය පේදුරුතුඩුව තික්කම් ප්රදේශයේදී ඊයේ (29) දින සිදුවූ පවුල් ආරවුලක් දුරදිග ගොස් සිදුවූ පහරදීගැනීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට පේදුරුතුඩුව පොලීසිය කියා සිටියේය.
මුදල් ආරවුලක් සම්බන්ධයෙන් සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු පහරදී ගැනීම සිදු වී ඇති අතර එහිදී බාල සහෝදරයා විසින් මුගුරකින් වැඩිමල් සහෝදරයාගේ හිස ප්රදේශයට එල්ල කල පහරදීමකින් බරපතල තත්වයෙන් රෝහල්ගත කළ වැඩිමල් සොහොයුරා මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ යාපනය නෙල්ලියඩි ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරු පියෙකු වන එස්.සුදාකරන් නැමත්තෙකු වන අතර අදාල පහරදීම සම්බන්ධයෙන් බාල සොහොයුරා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.
