මැලේසියාවේ සුපිරි වෙළඳසැලකට කඩා වැදී එරට මුදල් (RM) 353.70 ක් වටිනා භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවකට වරද පිළිගත් ඉන්දියානු ජාතිකයෙකුට සහ ශ්‍රී ලංකා ජාතිකයෙකුට ක්වාලාලම්පූර්හි මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස අටක සිර දඬුවමක් නියම කළේය.
ඔවුන් අත්අඩංගුවට ගත් දින සිට සිර දඬුවමට යටත් වන ලෙසට නියෝග කරන ලදී.
පසුගිය අප්‍රේල් 29 වන දින කෙපොං හි කේ.කේ. මාර්ට් සුපිරි වෙළඳසැලට කඩා වැදී සිගරට්, ෂැම්පූ සහ සුලු කෑම ඇතුළු භාණ්ඩ කිහිපයක් සොරකම් කළ බවට දෙදෙනාට එරෙහිව චෝදනා එල්ල විය.