මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් ඊයේ (07දා) සිය පළමු වැනි කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති අතර, වයස අවුරුදු 95ක් වන හිටපු නායකයා මේ සමග එරට වයස්ගතම ප්‍රතිග්‍රාහකයා බවට පත්ව තිබේ.
මහතීර් මොහොමඩ් පැවසුවේ දැනට තමාට කිසිදු අතුරු ආබාධයක් නොදැනෙන බවයි. එසේම එන්නත ලබා ගන්නා ලෙස සියලුම මැලේසියානුවන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව හිටපු අගමැතිවරයාට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලබාදී ඇත.