චීනය විසින් පරිත්‍යාග කරන ලද දෙවැනි කොවිඩ්-19 මර්දන එන්නත් තොගය ලබාගැනීම සඳහා සිම්බාබ්වේ විසින් ඊයේ (15දා) පිටත්කර හරින ලද ගුවන් යානය බීජිං වෙත පැමිණ තිබේ.
මෙම එන්නත් තොගය අද (16දා) යළි සිම්බාබ්වේ වෙත ළඟා වනු ඇති බව කියයි.
මේ අතර, චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්ධන එන්නතෙහි පළමු තොගය ඊයේ (15දා) මැලේසියාවට පැමිණ ඇති බව එරට විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය පවසයි.
මැලේසියාව සිය ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ කොටසක් ලෙස සීනොවැක් එන්නත යොදා ගනිමින් බ්‍රහස්පතින්දා සිට එන්නත්කරණය ආරම්භ කරන බව සඳහන් කරයි.