රුපියල් මිලියන 1500ක් භාවිත කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් නවීන බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
2019 වසරේ අයවැය මගින් මෙම මුදල් වෙන්කර තිබේ. ඒ අනුව නවීන පහසුකම් සහිත, වායු සමනය කළ පත්ල පහත් ඩීසල් බස් රථ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබාගැනීමට නියමිතය.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ අතර එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.