ඇමෙරිකානු ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප්ගේ 50 වැනි උපන්දින සාදය ධවල මන්දිරයේදී වැඩි ශබ්දයක් නොමැතිව ට්‍රම්ප් පවුලේ උදවියගේ සහභාගීත්වයෙන් පැවැත්වී තිබේ.
ඇයගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් 'අපේ ශ්‍රේෂ්ඨ ආර්යාව වන මෙලනියාට සුබ උපන් දිනයක්!' යනුවෙන් සිය ප්‍රියතම සන්නිවේදන විලාසයම ප්‍රකට කරමින් සඳහන් කර ඇත.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රට පුරා අගුලු දමා ඇති පසුබිමක ට්‍රම්ප් පවුල මෙලනියාගේ උපන්දිනය ධවල මන්දිරයේදී නිහඬව සැමරීමට සූදානම් වූ බව ඇගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ස්ටෙෆනි ග්‍රිෂාම් පවසා තිබුණි.
එක්සත් ජනපදය තුළ මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 965,910ක් වාර්තා වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 54,876කි.