මාලදිවයින හා ඕස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට
- 27 08 2020
- 14:20
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී. කපිල
මාලදිවයින සහ ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 186 දෙනෙකු අද (27) දින දහවල් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
අද දින දහවල් 11.00 ට මාලදිවයින මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එසේම අද දින දහවල් 2.00 ට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 609 දරන ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 160 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
පසුව මොවුන් සියලු දෙනා පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කර තිබුණි .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
