චීනයේ සීනොෆාම් විසින් නිපදවන ලද කොවිඩ්-19 මර්දන එන්නත මාලදිවයිනේ හදිසි භාවිතය සඳහා අනුමත කර ඇති බව මාලදිවයිනේ ආහාර හා ඖෂධ පරිපාලනය ඊයේ (15දා) නිවේදනය කළේය.
චීනයේ ජාතික ඖෂධ සමූහය (සීනොෆාම්) විසින් නිපදවන ලද මෙම එන්නත වයස අවුරුදු 18ත් 60ත් අතර පුද්ගලයන්ට ලබාදෙන බව මාලදිවයිනේ ආහාර හා ඖෂධ පරිපාලනය වැඩිදුරටත් සඳහන් කර තිබේ.