මුලතිව් කෝකිලායි අරිසිමලෙයි ප්රදේශයේ ඊයේ (12) දින නාවික හමුදාව විසින් සිදු කරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී පුද්ගල නාශක බිම්බෝම්බයක් හමුවූ බවට නාවික හමුදාව පවසයි.
අදාළ බිම්බෝම්බය අතහැර දමන ලද ගොඩනැගිල්ලක වලදමා තිබුණු අතර නැගෙනහිර නාවික විධානයට අයත් සෙබලුන් පිරිසක් විසින් සිදු කරනු ලැබූ සෝදිසි මුර සංචාරයකදී සොයාගෙන ඇත.
යුද සමයේදී කොටි සංවිධානය විසින් මෙම ස්ථානයේදී බිම්බෝම්බය වල දමන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කර සිටියි.
අනතුරුව අදාළ ස්ථානයෙන් බිම්බෝම්බය ඉවත් කොට වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පුල්මුඩේ පොලීසිය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.