මුලතිව් කේපාපිලව් කැලෑබද ප්රදේශයක තිබි මෝටාර් උණ්ඩයක් සහ ටී.56 ගිනිඅවියක් ඊයේ (07) දින හමුවූ බව මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.
පසුගිය 04 වනදා කේපාපිලව් ප්රදේශයේ රක්ෂිතයක ඇති වූ බෝම්බ පිපිරීමෙන් පසුව අදාළ ප්රදේශයේ යුද හමුදාවෙන් සහ පොලීසියෙන් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම ටී.56. ගිනිඅවියක් සහ මෝටාර් උණ්ඩයක් හමු වී ඇත.
හමුවූ මෝටාර් උණ්ඩය හා ගිනිඅවිය බොහෝ සෙයින් දිරාපත් වී තිබුණු අතර එය යුද සමයේදී පරිහරණය කරන ලද ඒවා බවට පොලීසිය සැක පල කර සිටියි.
රක්ෂිතයන් වෙතට ඇතුලුවන ජනතාවට මෙසේ අතහැර දමන ලද හෝ කොටි සංවිධානයෙන් වල දමන ලද බෝම්බ වැනි දෑ මතු විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්වන ලෙසටත් එවැනි යමක් හමුවූ වහාම ළඟම පිහිටි ආරක්ෂක අංශ වෙතට දැනුම් දෙන ලෙසටද පොලීසිය විසින් ජනතාවට දැනුම් දී ඇත.