මොරහැල සණස බැංකු ශාඛාවේ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි පහළොවකට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු කළමනාකාරිනිය නොවැම්බර් මස 19 වැනිදා දක්වා යළි හයවැනි වරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්රාත් ජයරුවන් දිසානායක මහතා අද (05 ) නියෝග කළේය.
2018 වසරේ නොවැම්බර් මාසයේ මොරහැල, උඩවෙල සණස බැංකුවේ තැන්පතු කරුවන්ගේ මුදල් රැගෙන මෙම කළමනාකාරිනිය ප්රදේශයෙන් පළා ගොස් සිටියාය.
පසුව පොලීසියට ලැබුණ තොරතුරක් බලංගොඩ ඇල්ලේපොළ ප්රදේශවාසීන් අල්ලාගෙන බලංගොඩ පොලීසියට භාරදී ඇති අතර පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා බලංගොඩ පින්වල පොලීසියට භාරදි තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තැන්පතු කරුවන්ගේ පැමිණිලි මත එම කළමනාකාරිනිය ඉකුත් අගෝස්තු මස (06) වැනිදා පින්නවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මාසය දක්වා අවස්ථා හයකදී දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
එම නඩුව අද (05) දා බලන්ගොඩ අධිකරණයේදි යළි කැඳවන ලදි. එහිදි නොවැම්බර් මස (19) වැනිදා දක්වා ඇය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.
බලන්ගොඩ - රෝහණ වසන්ත