මරණ දඬුවමට මම විරුද්ධයි - මංගල
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කිරීමට නියමිත මරණ දඬුවමට තමා විරුද්ධ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා එම අදහස් පළ කළේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට අද (13දා) එක්වෙමිනි.
එහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා, මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තුළින් සිදු වන්නේ පහළ මට්ටමේ ජාවාරම්කරුවන්ට පමණක් මරණීය දණ්ඩනය නියම වීම බවත් මුල් පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා එය නිසි අයුරින් ක්‍රියාත්මක වීමක් සිදු නොවන බවත් පැවසීය.
මරණ දඬුවම ක්‍රියාත්මක නොකොට ඒ වෙනුවට එම පුද්ගලයන් මැරී මැරී ජීවත්වන තත්ත්වයට පත්කිරීම සඳහා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දිය යුතු බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

popular news
-
chris Saturday, 14 July 2018 04:31 AM
කුරුදු පොලු වලට කැමතිද?
Reply : 0 6
missaka Saturday, 14 July 2018 09:24 AM
මේ මිනිහගේ මොකෙක් හරි හිරේ ඇති කුඩු ගෙනල්ල අහු වෙලා.
Reply : 0 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

