මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 19ක්
මේ වන විට මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 19 ක් බන්ධනාගාරයන් සිටින බවත් ඔවුන් අතරින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරන පුද්ගලයන්ට එරෙහිව එම දඬුවම ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
ඊයේ (10දා) පැවැති කැබිනට් හමුවේදී මරණ දඬුවම නියම වී බන්ධනාගාර තුළ සිටින වරදකරුවන්ට තවදුරටත් එම ජාවාරම සිදුකරන්නේ නම් ඔවුන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනාවක් ගෙනාවේය.
එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණි. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාර ගත කර සිටින සුසේයි නැමැත්තා මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමක් හෙළි කර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගියදා කටයුතු කළේය.
එහිදී රුපියල් බිලියන 1.2කට අධික වටිනාකමින්ක යුත් හෙරොයින් කිලෝ 103ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය

popular news
-
සමීර Wednesday, 11 July 2018 03:25 PM
යහපාලුවන් බොහෝ දෙනෙක් පෝරකයට යවනු ලැබේ. ජනතා තීරණය වන්නේ එයය්.
Reply : 0 0
Nandana de silva Wednesday, 11 July 2018 03:54 PM
කාලෝචිත යෝජනාවක්
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

