මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීමට එරෙහිව පිරිසක් පෙනී සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
සමස්ත ජනතාවම විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබෙන බවද එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ බවට ප්‍රකාශ කරන බවත්, එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ස්තුතිය පළකළ බවත් අද (02 දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.