මරණ දඬුවම පැනවීම තාවකාලිකව නැවැත්වීමට අදාළව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුගිය සතියේදී ඉදිරිපත් වූ යෝජනාවකට පක්ෂව ශ්‍රී ලංකාව සිය ඡන්දය භාවිත කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගියදා මෙම ඡන්ද විමසීම පවත්වා තිබේ. බ්‍රසීලය විසින් රටවල් 83ක සමඅනුග්‍රාහකත්වයක් මත මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර තිබේ.
එයට පක්ෂව රටවල් 121ක් ඡන්දය භාවිත කර ඇති අතර, විපක්ෂව රටවල් 35ක් සිය ඡන්දය භාවිත කර තිබේ. එසේම රටවල් 31ක් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවට සම්බන්ධ වී නොමැත.
ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වුවහොත් ඔවුන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට පෙර සඳහන් කළේය.
කෙසේ වෙතත් ඒ සඳහා ඇතැම් පිරිස් විරුද්ධතාව ප්‍රකාශ කළ අතර, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමද ඊට විරුද්ධතාව ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර ඇමෙන්ස්ට්‍රි ආයතනයට අනුව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ක් අතරින් රටවල් 103ක මරණ දඬුවම තහනම් කර තිබේ. 1976 වසරෙන් පසුව ශ්‍රී ලංකාවේද මරණ දඬුවම ක්‍රියාත්මක කර නොමැත.