මරණ දඬුවම ක්රියාත්මක කරන දිනය, වේලාව, ස්ථානය මෙන්ම එල්ලා මරා දමන පුද්ගලයන් කවුරුන්දැයි යන්න ජනපති මෛත්රීපාල සිරිසේන මහතා මේ දක්වා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දන්වා නැතැයි බන්ධනාගාර කොමසාරිස් පවසයි.
මරණ දඬුවම ක්රියාත්මක කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ විභාග වන පෙත්සම කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර කොමසාරිස් ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා ප්රකාශ කළේය.
එසේම එළැඹෙන 17 දා තෙක් මරණ දණ්ඩනය ක්රියාත්මක නොකරන බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.