මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂයේ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත විවාදයට ගන්නා දිනය ඊළඟ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිත බව වාර්තා වේ.
පාර්ලිමේන්තු විවාදය අවසානයේදී ඡන්ද විමසීමකට ලක් කර පනත සම්මත කර ගැනීමටද ආණ්ඩු පක්ෂය සැලසුම් කර තිබේ.
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සභාගත කළ පසු පනත් කෙටුම්පතට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් තුනක් ඉදිරිපත්ව තිබිණි.
එම පෙත්සම් ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා තිබුණු අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසානයේදී එම පෙත්සම් තුන ප්‍රතික්ෂේප කර ඇත.