ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනය, යාපනය විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනය යන ආයතනවල පරිපාලන කටයුතු වෙනුවෙන් නව බලයලත් නිලධාරීන් පත්කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව,
මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනය නිසි බලධාරියා - මේජර් ජනරාල් (විශ්‍රාමික) ශාන්ත කුමාර් තිරුණාවුකරසු
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනය නිසි බලධාරියා - මේජර් ජනරාල් (විශ්‍රාමික) උදය බණ්ඩාර හේරත්
යාපනය විශ්වවිද්‍යාලය නිසි බලධාරියා - සම්මානිත මහාචාර්ය කිර්කාමනාදන් කන්දසාමි යන මහත්වරු පත්කර තිබේ