මොරටුව මොරටුවැල්ල ද මෙල් මාවතේ පවත්වාගෙන ගිය ,අන්තර්ජාලය හරහා සම්බන්ධ සම්බාහන මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ,ඒකකය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමඟ නමක් සඳහන් නොවන ආලේපන වර්ග විශාල ප්‍රමාණයක් ,ශරීර උත්තේජනය සඳහා ලබා ගන්නා පෙති,උපත් පාලන කොපු ,අඟපසඟ පුෂ්ටිමත් බව පෙන්වීම සඳහා යොදා ගන්නා ශරීර උපකරණ රැසක් මෙන්ම එහි තිබූ විශේෂිත ඇඳන් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගත් බව වැටලීම සිදු කළ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියක් ලබා තිබූ මෙම මධ්‍යස්ථානයට ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු උපාය දූතයකු ලෙස යොදවා ඒ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නිල් ප්‍රියන්ත මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.
මොරටුව ද මෙල් මාවතේ තෙමහල් ගොඩනැඟිල්ලක ,ඉහළ මාලයේ පවත්වාගෙන ගොස් ඇති මෙම සම්බාහන මධ්‍යස්ථානය සඳහා මොරටුව නගර සභාවෙන් වෙළඳ බලපත්‍රයක් පවා නිකුත් කර තිබූ බව පොලිසිය කියයි.
වැටලීම සිදුකරන අවස්ථාවේදී මෙහි අයිතිකරු නොසිටි බවද පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නුවර සහ කළුඅග්ගල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු21 ,හා 31,,පසුවන්නන් බවත් පොලිසිය කියයි.
සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් සියලුම දේපල මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මොරටුව පොලිසිය වෙත භාර දී ඇත
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ඒකකය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීල් ප්‍රියන්ත මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකළහ.
බිමල් ජයසිංහ