මහකලුගොල්ල පොලිස් වසමේ නාමලුව-ඉරිගේෂන් ජනපදය ප්රදේශයේ පෙරේදා (20) සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කු තුනක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.අවුරුදු 32,43 සහ 55 වියෙහි පසුවන සැකකරුවන් නාමළුව ප්රදේශයේ පදිංචිකරුවන්ය.
සැකකරුවන් සහ නඩුභාණ්ඩ සියඹලාණ්ඩුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
මහකලුගොල්ල පොලිස් ස්ථානාධිපති සේපාල රත්නායක මහතා විසින් වැටලීම සිදුකර ඇත.
මොනරාගල සුමනසිරි ගුණතිලක