මොරගහහේන වත්තෙ කඩේ හන්දිය ප්‍රදේශයේ පදිංචි රත්මලාන බ්‍රැන්ඩික්ස් සේවකයෙකුට කොවිඩ් වසංගතය ආසාදිත වී ඇති බව අනාවරණය වූ බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .
එය සැලවූ වහාම ඔහු සමීපව ඇසුරු කළ එම ප්‍රදේශයේ පවුල් තුනක සාමාජිකයන් ස්වයං නිරෝධායන ලක්කළ බවත් මොරගහහේන , ගොරොක් ගස් හන්දිය හා ඔලබොඩුව ප්‍රදේශ වල ඔහු ආ ගිය බව කියන වෙළෙඳසල් තුනක් වසා දැමීමට හොරණ සෞඛ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පියවර ගෙන ඇතැයි ගීගනගේ මහතා පැවසීය
රත්මලාන බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් ඉකුත් 6 වෙනි දින පි සි ආර් පරීක්ෂණ වලට භාජනය කළ අතර හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් මෙම සේවකයාට කොවිඩ් වසංගතය ආසාදිත වී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව ඉහත පියවර ගත් බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වැඩිදුරටත් පැවසීය
මෙම සමඟ හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් බ්රැන්ඩිස් පොකුරෙන් අනාවරණය වූ රෝගීන් පස් දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇත