මිරිගම - නාල්ල ප්රදේශයේ ගිනිඅවි නිෂ්පාදනාගාරයක් වටලා එහි නිෂ්පාදනය කළ ගිනිඅවි කිහිපයක් පොලීසිය සොයා ගෙන තිබේ.
රිවෝල්වරයක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවි දෙකක් , ජීව උණ්ඩ 68ක් සහ යුද හමුදා මෙන්ම පොලිස් නිල ඇදුම් මැසිමට යොදා ගන්නා රෙදි වැටලිමේදි සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ ගිනිඅවි නිෂ්පාදනය කළ පුද්ගලයාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පවත්වගෙන යන වාහන අලුත්වැඩියා කරන ස්ථානයෙහි මෙම ගිනිඅවි නිපදවා ඇති බව වාර්තා වෙයි.