යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ සෛවරීභාවයට හානියක් සිදුවන්නේ නම් එය අත්සන් කිරිමට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
අද (06දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
මෙම ගිවිසුම හරහා වාතයට මුදා හරින කාබන් ඩයෝක්සයිඩ් ප්‍රමාණය අවම කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවැසීය.
මෙම ප්‍රදානයන් ආසියානු, යුරෝපා, ලතින් ඇමෙරිකා හා අප්‍රිකා රටවල් ලබාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම ගිවිසුම පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් අත්සන් කරන බවත් ඔහු පැවැසීය.
ඇමෙරිකානු ඩෝල් සමාගමට සෝමාවතියේ ඉඩම් දෙන විට, ෂැංග්‍රීලා හෝටලයට ඉඩම් දෙන විට නිහඩ වූ අය මේ වන විට විවිධ අසත්‍ය ප්‍රකාශ කරමින් තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම මුදල් ලබාගැනීම සඳහා 2014 වසරේදී ඉල්ලුම් කර ඇති බවත් ඔහු පැවැසීය.
එසේම මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරනවාද නැත්ද යන්න ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ යුතු බවත් ඔහු පැවැසීය.
VIDEO