මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහි ජනතා රැලියට දහස් සංඛ්‍යාත ජනතාවක් එක්වීම නිසා මියන්මාරයේ හමුදා පාලකයින් රටේ අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම පාහේ වසා දමා ඇති බව වාර්තා වෙයි.
සම්බන්ධතාවය සාමාන්‍ය මට්ටම්වලින් 16%ක් දක්වා පහත වැටීමත් සමග සම්පුර්ණයෙන්ම ආසන්න අන්තර්ජාල අවහිරයක් ක්‍රියාත්මක වන බව නෙට් බ්ලොක් අන්තර්ජාල නිරීක්ෂණාගාරය පවසයි.
ප්‍රධාන නගරය වන යාන්ගොන්හි ජනයා "හමුදා පාලකයන් අසමත් අසමත්, ප්රජාතන්ත්රවාදයට ජය ජය" යනුවෙන් හඬ නැගූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. කෙසේ වෙතත් කැරලි මර්ධන පොලීසිය නගර මධ්‍යයට ඇතුළු වන ප්‍රධාන මාර්ග අවහිර කර තිබේ.
විරෝධතා සඳහා ජනතාව බලමුලු ගැන්වීම නැවැත්වීම සඳහා හමුදාව ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් වෙත පිවිසීම අවහිර කිරීමෙන් පැය කිහිපයකට පසු අන්තර්ජාලය වසා දැමූ අතර, ඊට දිනකට පෙර ෆේස්බුක් තහනම් කර තිබුණි.
අතථ්‍ය පෞද්ගලික ජාල (VPN) භාවිත කරමින් බොහෝ පරිශීලකයින් සමාජ මාධ්‍ය සඳහා ඇති සීමාවන් මග හැර ඇති නමුත්, මෙසේ අන්තර්ජාලය වසා දැමීමෙන් එයටද අවස්ථාවක් නොලැබෙනු ඇත.