දශකයකට වැඩි කාලයක් තුළ මියන්මාරය විශාලතම විරෝධතාව දැක ඇති අතර, දස දහස් සංඛ්‍යාත ජනතාව හමුදා කුමන්ත්‍රණයට එරෙහිව පෙළ ගැසී තේරී පත් වූ නායක අවුන් සාන් සූ කී නිදහස් කරන ලෙස ඉල්ලා සිටියි.
"අපට මිලිටරි ආඥාදායකත්වයක් අවශ්‍ය නැහැ. අපට ප්රජාතන්ත්රවාදය අවශ්‍යයි" යනුවෙන් ප්‍රධාන නගරය වන යන්ගොන්හි ජනයා හඬ නගයි. තවත් නගර රැසක රැලි විශාල ප්‍රමාණයක් පැවැත්විණි.
මේ අතර දිනක් පුරා අන්තර්ජාල පහසුකම් අවුරා තැබීමෙන් පසුව, ප්‍රවේශය යථා තත්ත්වයට පත් කර ඇත.
සඳුදා කුමන්ත්‍රණයට එරෙහිව වැඩෙන විරෝධය පිළිබඳව හමුදාව තවමත් අදහස් දක්වා නොමැත.
නොවැම්බරයේ පැවති මැතිවරණය වංචනික බවට සාක්ෂි නොමැතිවම හමුදාව බලය අල්ලා ගනිමින්, වසරක් පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ජනාධිපති වින් මයින්ට් මෙන්ම, මියන්මාරයේ නිල නොලත් නායිකා සූ කී සහ ඇගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් නිවාස අඩස්සියේ තබා ඇත.
කෙසේ වෙතත් මෙම උද්ඝෝෂණ රැල්ල සමග කොවිඩ්-19 වසංගතය මියන්මාරය පුරා දරුණු ලෙස හිස එසවීමේ අවදානමක්ද මතුව ඇති බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.