මියන්මාර නායක අවුන් සාන් සූ කී සහ රජයේ ඉහළ පෙළේ දේශපාලඥයන් කිහිප දෙනෙකු එරට හමුදාව විසින් රඳවාගෙන ඇති බව ප්රජාතන්ත්රවාදය සඳහා වන ජාතික ලීගයේ ප්රකාශකක මයෝ නියුන්ට් පවසයි.
සූ කීට අමතරව මියන්මාරයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද හමුදාව විසින් රඳවාගෙන ඇති බවත් පැවසූ එම ප්‍රකාශකයා, මේ වනවිට අගනුවර පාලනය හමුදාව අතට පත්ව ඇති බවත්, හමුදා කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවත් සඳහන් කළේය.
එරට සිවිල් රජය සහ බලවත් මිලිටරිය අතර දින ගණනක් පුරා පැවති ආතතිය උත්සන්න වීමෙන් පසුව මෙම තත්ත්වය උදාවී ඇති බව විදෙස් වාර්තා පවසයි. පසුගියදා පැවති මැතිවරණයෙන් පසු හමුදාව පවසන්නේ එය දූෂිත මැතිවරණයක් බවය.
ජාතික ලීගය මෙසේ ජයග්‍රහණය ප්‍රකාශ කළේ 2020 නොවැම්බරයේ පැවති මැතිවරණයෙන් පසුවය. එය 2015 දී එරට හමුදා පාලනය අවසන් වීමෙන් පසුව රටේ පැවති දෙවැනි ප්රජාතන්ත්රවාදී ඡන්ද විමසීම විය.
සූ කී සිය මව් රට වන මියන්මාරයේ ප්රජාතන්ත්රවාදයේ වීරවරියකි. ඇය දශක දෙකක කාලයක් නිවාස අඩස්සියේ ගත කළ හිටපු දේශපාලන සිරකරුවෙකු සහ ඝාතනයට ලක්වූ නිදහස් සටනේ සිටි සූ කීගේ දියණියයි.
2015 දී ඇගේ පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්දා සිට ඇය මියන්මාරයේ නිල නොවන නායිකාව ලෙස කටයුතු කළ අතර, රාජ්‍ය උපදේශක ධුරය දැරුවාය.