ඇමෙරිකාවට අනුව මියගොස් ඇතැයි සඳහන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සති තුනකට පමණ පසුව ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් යළිත් කරළියට පැමිණ තිබේ.
උතුරු කොරියාවේ පැවති මැයි දින සැමරුමක් වෙනුවෙන් කිම් ජොන්ග්-උන් අද (02දා) සහභාගී වූ බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
"ශ්‍රේෂ්ඨ නායක කිම් ජොන්-උන් සන්චොන් පොස්පේටික් පොහොර කර්මාන්ත ශාලාව විවෘත කිරීම සඳහා පීත්ත පටිය කපයි" යනුවෙන් කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය (KCNA) වාර්තා කළේය.
"මුළු ලෝකයේම වැඩකරන ජනතාවගේ ජාත්‍යන්තර කම්කරු දිනය සනිටුහන් කරමින්, කර්මාන්ත ශාලාව නිම කිරීමේ උත්සවයක්" පැවති බවද KCNA පවසයි.
එහි කිම් ජොන්ග්-උන්ගේ නිශ්චල ඡායාරූපයක්ද දැකිය හැකි අතර, ඉන් දැක්වුනේ ඔහු රතු පීත්ත පටියක් කපන අයුරුය. ඔහුගේ සහෝදරිය කිම් යෝ-ජොං පිටුපස සිටගෙන සිටියි.
පසුගිය අපේ‍්‍රල් 15 වැනි දින වත්මන් උතුරු කොරියාවේ පියා ලෙස සැලකෙන කිම් ජොන්ග්-උන්ගේ සීයාගේ උපන්දිනය සැමරීම මඟහැරීම නිසා සෞඛ්‍ය පිළිබඳ බටහිර මාධ්‍ය ප්‍රශ්න මතු කළේය. ඔහුට හදිසි හෘදයා බාධයක් නිසා අසධ්‍ය තත්ත්වයෙන් සිටින බව මුලින් කියවුණි. පසුව මියගොස් ඇති බවද ඇමෙරිකානු බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් බටහිර මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැයි දින පෙනී සිටීමේ වාර්තාව පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය.
"මම තවම ඒ ගැන අදහස් දක්වන්නේ නැහැ. සුදුසු වේලාවට අපට ඒ ගැන යමක් කියන්න පුළුවන්" ඔහු මාධ්‍ය වෙත පවසා තිබුණි.
කෙසේ වෙතත් පසුගිය ඉරිදා දකුණු කොරියාවේ ජනාධිපති උපදේශක මූන් චුන්ග් පැවසුවේ උතුරු කොරියානු නායකයා මියගිය පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන බවත්, ඔහු ජීවතුන් අතර සිටින බවත්ය.
විශේෂයෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් ඔහු හුදකලාව දිවි ගෙවන බවද දකුණු කොරියාවේ මතය විය.