මයික්‍රොසොෆ්ට් හි එක්සත් ජනපද ශ්‍රම බලකායට අවම වශයෙන් ජනවාරි 19දා දක්වා නිවසේ සිට වැඩ කිරීමේ අවස්ථාව ලබා දී ඇති බව සමාගම නිවේදනය කරයි.
ඇමෙරිකාවේ ප්‍රධාන ව්‍යාපාර දිගු වසංගතයක් සඳහා සූදානම් වන බවට මෙම නවතම සංඥාව සලකුණු කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
"අප සේවය කරන සෑම කලාපයකම, රටකම, ප්‍රාන්තයකම දේශීය පදනමින් අපි සමාලෝචනය කරන අතර අවශ්‍ය පරිදි රට අනුව දිනයන් සකස් කර ගන්නවා" යැයි මයික්‍රොසොෆ්ට් ප්‍රකාශකයෙකු පැවසීය.
මයික්‍රොසොෆ්ට් හි තීරණය ගූගල් සමාගමද අනුගමනය කරයි. ඔවුන් මේ මස මුලදී කියා සිටියේ තම සේවකයින්ට බොහෝදුරට 2021 ජුනි මස අවසානය දක්වා දුරස්ථව වැඩ කිරීමට ඉඩ දෙන බවයි.