ලියාපදිංචි නොකරන ලද මෝටර් රථයක් ජපානයේ සිට මෙරටට ගෙන්වා දෙන බව පවසා රුපියල් ලක්ෂ 27ක මුදලක් වංචා කිරීමට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලයි.
සැකකරු පදිංචිව සිටි ලිපිනයෙන් අතහැරගොස් සැගව සිටින බවට තොරතුරු අණාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
සැකකරු පිළිබඳව තොරතුරක් දන්නේ නම් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය 011-2673581, 011-2675651 යන අංක අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.