වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ලබාදුන් සහයෝගයට ස්තූතිය ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අධ්‍යාපනය ක්ෂේත්රය සඳහා වෘත්තීය විෂයන් උගන්වන ගුරුවරුන් බඳවා ගැනීම වෙනුවෙන් ඊයේ (20)දා අරලියගහ මන්දිරයේ පැවති ගුරු පත්වීම් ප්රදානය කිරීමේ උත්සවය අමතමින් අගමැතිවරයා මේ බව පැවැසීය.
“සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 50% පමණ පාසල් අධ්‍යාපනය අතහැර යනවා. එය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්රමයේ විශාල අඩුපාඩුවක්. රටේ ප්‍රධාන පාසල්වල සාමාන්‍ය පෙළ සමත්වීමේ ප්‍රතිශතය 90% – 100% පමණ වුවත් රටේ අනෙකුත් විද්‍යාලවල සාමාන්‍ය පෙළ සමත්වීමෙන් පසු උසස් පෙළ සඳහා යොමුවුණ ශිෂ්‍ය සංඛ්‍යාව 50% අඩු ප්‍රතිශතයක් ගන්නවා. එවිට රැකියා අහිමිවීමෙන් බොහෝ පිරිසක් අතරමං වෙනවා. අද ශ්‍රී ලංකාවේ විරැකියාව විශාල ප්‍රශ්නයක් බවට පත්වී තිබෙන්නේ සාමාන්‍ය පෙළ අසමත්වීමේ ප්‍රතිශතය නිසායි.
සාමාන්‍ය පෙළ විභාගය සමත්, අසමත් භාවය තීරණය කරන විභාගයක් බවට පත්වනවා නම් බොහෝ දෙනෙකුගේ අධ්‍යාපනය වසර 11 කින් නිමාවට පත්වෙනවා. එම නිසා සාමාන්‍ය පෙළ විභාගය සමත් අසමත් භාවය තීරණය නොකරන විභාගයක් බවට පත්කිරීමට අප තීරණය කර තිබෙනවා.
මම සාමාන්‍යයෙන් මාධ්‍යයට දෝෂාරෝපනය කළත් මෙම අවස්ථාවේ මාධ්‍යයට ස්තුතිය පිරිනමනවා. ඒ මෙම වැඩසටහන් වෙනුවෙන් මාධ්‍ය විශාල සහයෝගයක් ලබාදීම නිසායි. සියලුම මාධ්‍ය එම කටයුත්ත සිදු නොකළත් ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන සියල්ල මේ සම්බන්ධයෙන් සිය මාධ්‍ය ආවරණය ලබා දුන්නා.”
