2017 වසරේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන්ගේ අධි අවදානම් තත්වයක් වාර්තා වුණු අතර මෙම වසරේ ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත අඩුවීමක් සිදුව ඇතැයි පෙන්වුම් කරන බව දිස්ත්‍රික් වසංගත රෝග අංශ ප්‍රධානී වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පැවසීය.
2015 වසරේ සිට වසරින් වසර ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමක් සිදුවු ඇත. ඒ අනුව 2015 වර්ෂයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1081ක්, 2016 වර්ෂයේ 3086ක් හා, 2017 වර්ෂයේ 6800 ක් රෝගින් වාර්තා වෙමින් අධි අවදානම් තත්වයක් දිස්ත්‍රික්කයේ පැවතුණි.
2018 වසරේ මේ දක්වා වාර්තා වී ඇත්තේ රෝගින්1991ක් පමණි. එම සංඛ්‍යා ලේඛණ අනුව වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වූ මාසය ලෙස ජූලි මාසය වාර්තාගත වී ඇත. මේ අනුව 2016 ජූලි මාසයේ ඩෙංගු රෝගින් 657ක්ද, 2017 වර්ෂයේ ජුලි මස රෝගින් 3718ක්ද මෙම 2018 වර්ෂයේද ජුලි මස වන විට සැලකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් ද වාර්තා වී තිබේ.
මෙම වසරේ ඩෙංගු රෝගීන් අවම තත්වයක් දිස්ත්‍රික්කයෙන් වාර්තා වීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ සෞඛ්‍ය අංශවල නියුතු ලොකු කුඩා නිලධාරීන්ගේ කැපවීම බවත් කෝනාර මහතා වැඩිදුරටත් පැවසීය.
නිවිතිගල - හසල බුද්ධික