මම දන්න තරමින් පාර්ලිමේන්තුවේ කංසා බොන අය නෑ
ශ්‍රී ලංකාව තුළ ගංජා නීතිගත කිරීමෙ අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ගන්ජා නීතිගත කිරීමට රජය කටයුතු කරන්නේද යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමුකළ පැනයකට පාළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
“දුම්වැටි සම්බන්ධයෙන් විකල්පයක් ලෙස කංසා භාවිත කරන බවට තොරතුරු නෑ. අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය යොදාගෙන විද්යාමත ඇතිකරමින් විවිධ පුද්ගලයන් කටයුතු කරගෙන යන බව පෙනී යනවා.
රජයේ මත්ද්‍රව්‍ය පාලන වැඩසටහන යටතේ කංසා නීතිගත කිරීමට අවස්ථාව දී නෑ. කංසා වගා කිරීමට ඇතැම් පාර්ශ්ව ඉල්ලා තිබෙනවා. කංසා භාවිතයේ අහිතකර ප්‍රතිඵල ගැන ප්‍රචාරය කර තිබෙනවා.
කංසා ප්‍රචලිත කිරිමට කටයුතු කරන අයට නීතිපති උපදෙස් මගින් නීතිමය පියවර ගන්නවා.”
පාර්ලිමේන්තුවේ කංසා බොන අය මම දන්න තරමින් නෑ
වර්තමාන සමාජය දුම්වැටි භාවිතයෙන් වැළකී සිටින බවත් ඔහු පැවැසීය.
popular news
-
පුරවැසියා Wednesday, 07 October 2020 04:56 PM
සමහරක් මත්ද්‍රව්‍ය නීතිගත කිරීමටත් සමහරක් මත්ද්‍රව්‍ය නීතිවිරෝධී කිරීමේත් කිසිදු පදමනක් නෑනේ..අරක්කු සිකරට් වලින් සමාජයට සිදුවන හානිය බලනකොට ගංජා වලින් සමාජයට හානියක් වෙනවා කියලා කියන්න බැරි තරම්..සුද්දගේ සිකරට් එක විකුණාගන්න තමයි ගංජා තහනම් කාරේ..අගමැති තුමා, ඇත්ත දන්නවා මිනිස්සු..රජයට විශාල අදායමක් ලැබෙනවා සිකරට් අරක්කු වලින්..හැබැයි ඒ අදායමට වඩා වියදම් වෙන්වා මිනිස්සුන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න වලට..පවුල් සංස්ථාවට විශාල හානියක් වෙනවා අරක්කු වලින්..ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැඩි වීමට එක හේතුවක් තමයි අරක්කු..අයි එහෙනම් අරක්කු තහනම් කරන්නේ නැත්තේ..ගංජා බොන මිනිහා තුල ප්රචණ්ඩත්වය වර්ධනය වෙන්නේ නෑ..මිනිස්සු හිතන්න පුරුදු වෙනවා..ඉස්සරහට අරගලය තවත් විශාල වෙයි
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

