තමාට චීනය සම්බන්ධයෙන් සතුටක් නොමැති බවත්, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ලෝකයට අනතුරු ඇඟවීමේදී චීනය ඉදිරියට නොපැමිණි බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් චීනයට චෝදනා කළේය.
ජනාධිපති ට්‍රම්ප් සිකුරාදා සුපුරුදු මාධ්‍ය හමුව අමතමින් මෙම අදහස් පළ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
2022 ඔලිම්පික් උළෙල පැවැත්වීමේ වරප්‍රසාදය චීනයෙන් ඉවත් කළ යුතු දැයි ප්‍රශ්න කරමින්, එක්සත් ජනපද-චීන වෙළෙඳ ගනුදෙනුව ගැනද ට්‍රම්ප් මෙහිදී සිහිපත් කර තිබේ.
"චීනය සමග සිදුවන්නේ කුමක්දැයි මට බැලීමට අවශ්‍යයි. ඔවුන් එය කරන්නේ කෙසේදැයි බැලීමට මට දැනගැනීමට අවශ්‍යයි. ඔවුන් මේ වෙළෙඳ ගනුදෙනුව ඉටු කරනවාද?" ට්‍රම්ප් ප්‍රශ්න කළේය.
"මට එය මේ ආකාරයෙන් තැබීමට ඉඩ දෙන්න. ඇත්තටම මම සතුටු නැහැ. හරිද? මම සතුටු නැහැ" ඔහු තවදුරටත් පැවසීය.
"මම ඔවුන් (චීනය) සමග කතා කළා. රට (ඇමෙරිකාව) බොහෝ කලකට පෙර වසා දැමිය හැකිව තිබුණා. ඔවුන් එය දැන සිටියා. නමුත් අපට එය වසා ගැනීමට නොහැකි වුණා. ඇත්ත වශයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයද එය කළේ නැහැ."
අනෙකුත් කණ්ඩායම්වලට වඩා කලින් චීනයට පැමිණීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාකළ බව පවසමින්, නැවත වරටක් ලෝක සෞඛ්‍ය සංවිධානයටද චෝදනා කළ ට්‍රම්ප්, "සිදුවන්නේ කුමක්ද යන්න ඔවුන් වාර්තා නොකළ" බවද කීවේය.
ට්‍රම්ප් අඟහරුවාදා නිවේදනය කළේ කොරෝනා වෛරස් වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතුකළ ආකාරය ගැන සමාලෝචනය කරන අතරවාරයේ ඔහුගේ පරිපාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන අරමුදල් අත්හිටුවන බවයි.