මන්නාරම් සමූහ මිණිවලේ කැනීම් නැවත දැනුම්දෙන තුරු නැවැත්වීමට අධිකරණ නියෝගයක්
මන්නාරම් සමූහ මිණිවලේ කැනීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දිනයක් දැනුම් දෙන තුරු 08 වනදා සිට නැවත්වීමට මන්නාරම් මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතා නියෝග කොට සිටි බවට මන්නාරම් සමූහ මිණීවලේ කැනීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පවසයි.
මන්නාරම් සමූහ මිණීවලේ ඇටසැකිලි පිළිබඳ වූ කාල නිර්ණ වාර්තාව 7 වනදා දිනයේදී මන්නාරම් අධිකරණයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුව අද (10) දිනයේදී මන්නාරම් මහෙස්ත්‍රාත්වරයා විසින් කැනීම් සිදු කරන ලද විශේෂඥ වෛද්‍ය කණ්ඩායමට මෙම නියෝගය ලබා දී ඇත.
ඒ පිළිබඳව අදහස් දක්වමින් අධිකරණ විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ,
‘‘ මන්නාරම් සමූහ මිණිවලේ කැනීම් කටයුතු සිදු කරමින් සිටි විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කැනීම් අංශ නිලධාරීන් සියලු දෙනා එම ස්ථානයෙන් ඉවත් වන අතරම නැවත මේ මස 20 වනදාගෙන් පසු දිනක මන්නාරම් මහේස්ත්‍රාත් ටී.සර්වනරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් හා කැනීම් සිදු කල වෛද්‍යවරුන් මෙන්ම මහජන නියෝජිතයින්ගේද සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් සිදු කර මෙම සමූහ මිණිවලේ ඉදිරි කැනීම් කටයුතු සිදු කරනවාද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගන්නවා යනුවෙනි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
