මන්නාරම සමූහ මිණි වළේ ඇමරිකානු කාබන් වාර්තාව හෙට
මන්නාරම සමූහ මිණිවල තුළින් හමුවූ සිරුරුවල කාල නිර්ණය පිළිබඳවූ කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව හෙට (14) ලැබෙනු ඇතිය බලාපොරොත්තුවෙන් සිටින බවට සමූහ මිණිවළ සම්බන්ධයෙන් කැනීම් සිදු කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසූවේ සමූහ මිණිවල සම්බන්ධයෙන් 144 වන දිනට අද(13) පරීක්ෂණ පවත්වන අතර, මිණිවළ තුළින් මිනිස් සිරුරු 315ක අස්ථි කොටස් මතුකර ගැනීමට හැකිවි ඇති අතර, අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 307 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන මන්නාරම් අධිකරණයේ තැන්පත් කොට ඇති බවයි. එම සිසුරු අතර ළමුන් 26 දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතියි.
සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කළ සාම්පල් හයක් ජනවාරි 23 වැනිදා ෆ්ලෝරිඩාවේ කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත ලබාදුන් අතර, අදාළ පරීක්ෂණ වාර්තාව හෙට(14) වනවිට ලැබීමට නියමිත බවද රාජපක්ෂ මහතා පැවසීය.
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසුවේ අදාළ කාබන් පරීක්ෂණ දත්ත පිළිබඳ වාර්තාව තමන් වෙත හා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලිඛිතව යොමු කරන ලෙසට අදාළ රසායනාගාර දැනුවත් කොට ඇති බවටයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
