මන්දකට හසුවු තවත් කඳුකර කොටියෙක් ජීවිතක්ෂයට
හැටන්, කොටගල, ස්ටෝනකිල්ප් වත්තේ වගා බිමක් ආසන්නයේ කම්බියක පැටලී මිය ගොස් සිටි කඳුකර කොටියෙකුගේ මළ සිරුරක් අද (16දා) හමු වී ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි.
හොදින් වැඩුණු අඩි පහක පමණ දිගකින් යුතු මෙම කඳුකර කොටියාගේ මළ සිරුර එම වත්තේ වතු කම්කරුවන් දැක පොලීසියට පවසා තිබේ.
කොටගල ප්රදේශයේ තේ වතු අවට කඳුකර කොටියන් පසුගිය කාලයේදි නිරන්තරයෙන්ම සැරි සරමින් සිටිය බවත් මේ හේතුවෙන් තමන් දැඩිව බියට පත්ව සිටි බව වතු කම්කරුවන් පැවැසීය.
මෙම කඳුකර කොටියා මෙසේ කම්බියක පැටළීමෙන් මිය යෑමට හේතුව සොයා බැලීම සඳහා එම සතාගේ මළ සිරුර නල්ලතන්නිය වනජීවි නිලධාරී කාර්යාලයට භාර දීමට පියවර ගන්නා බව දිඹුල- පතන පොලීසිය පවසයි.
ශාන් හුලංනුගේ /මස්කෙළිය- ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක


popular news
-
Champa Sunday, 17 February 2019 03:56 PM
අයි අයියෝ තවත් ලොකු දිවියෙක් මැරිලා. දිවිය කියන්නේ මාංශ භක්ෂක සතෙක් ස්වභාව ධර්මයට අනුව. වෙන ජාති කන්නේ නැහැ. පව් අහිංසකය කෑම හොයාගෙන එන්න ඇති බඩගින්නට. දැන් කැලේත් කෑම නැතුව ඇති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
