පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන කිරි ප්‍රමිතියෙන් යුක්ත වීම තුළින් රටේ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිත කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා රටේ ජනතාව භාවිත කරන කිරිපිටිවල සුරක්ෂිතතාව ඇතිකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරමුණ ගතයුතු බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
කිරිපිටි සම්බන්ධයෙන් මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන කිරිපිටිවල සුරක්ෂිතතාව තහවුරු කිරීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කර තිබෙන බවද අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
