මන්ත්‍රී වැටුප් වැඩිකිරීමට JO විරුද්ධයි
පාර්ලිමේන්තු මන්ත්‍රිවරන්ගේ වැටුප 215%කින් වැඩිකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ මහතා අද(02) පැවසීය.
වැටුප් වැඩිකිරීම සම්බන්ධව කථානායකවරයා පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් සිදුකළ පසුව ඒකාබද්ධ විපක්ෂය සභාව තුළ විරෝධය පළ කරන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රිවරුන්ගේ මාධ්‍ය හමුවේදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්වී මේ සම්බන්ධව වැඩිදුරටත් සාකච්ඡා කරන බවයි.
මන්ත්‍රිවරුන්ගේ වැටුප් වැඩිකර රටේ ප්‍රශ්න යටගැසීම සඳහා ආණ්ඩුව උපක්රමශීලීව කටයුතු කරමින් සිටින බවද ඔහු කීය.

popular news
-
Raawana Thursday, 02 August 2018 12:58 PM
මේවා ගෙවන්නේ අලෝසියස්ගේ සල්ලිවලින්ද?
Reply : 0 0
dinesh Thursday, 02 August 2018 05:13 PM
විශ්‍රාමිකයන්ට තමයි මේ රජයෙන් සාධාරණ වැටුප් වැඩි කිරීමක් නොකෙරුනේ .2015දි වැඩිකළ මුදල රු. 1500.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

