අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක , අම්බලන්ගොඩ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති ඩෙනට් පනියන්දුවගේ මහතා මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වූයේ තමාට ලැබෙන මන්ත්‍රී වැටුප ශතයක් වත් නොගෙන එම වැටුප සිය බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙන බවට පොරොන්දුවෙමිනි.
අම්බලන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ ඒ මහතා ඒ පොරොන්දුව අකුරටම ඉටු කරමින් තමන්ට ලැබුණු පළමු මන්ත්‍රී වැටුප වන රුපියල් 15000 එක් පාසල් සිසුවෙකුට රුපියල් 1000 බැගින් පාසල් ළමුන් පහළොස්දෙනෙකුට ශිෂ්‍යත්ව ලෙස ප්‍රධානය කිරීමට කටයුතු කළේය.
තමන්ට සෑම මාසයකම ලැබෙන මන්ත්‍රී වැටුපෙන් මෙසේ පාසල් සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනමනු ලබන බව ඔහු පැවැසීය.
කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත
