මන්ත්‍රී ප්‍රසන්නගෙන් වරප්‍රසාද කමිටුව ප්‍රශ්න කරයි
විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ඇතිකළ යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවේදී කලහකාරී තත්ත්වයක් ඇතිවූ අවස්ථාවේ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාගෙන් ඊයේ (16දා) කරුණු විමසා තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සභාපතිත්වය දරන,සුසිල් ප්‍රේම්ජයන්ත,අනුර කුමාර දිසානායක,ඩග්ලස් දේවානන්දා,රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් පමණක් ඊයේ නියෝජනය කළ වරප්‍රසාද කමිටුව විසින් ඡායාරූප හා විඩීයෝ පෙන්වා අදාළ සිද්ධියේදී හැසිරුණු ආකාරය නිවැරදිදැයි රණවීර මන්ත්‍රීවරයාගෙන් කරුණු විමසා තිබේ.
වරප්‍රසාද කමිටුව ප්‍රශ්න කළ අවස්ථාවේදී තමාගේ නිර්දෝෂීභාවය ප්‍රකාශ කළ බවත්,එම කමිටුව මේ දක්වා විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගෙන් ප්‍රශ්න නොකිරීම ගැටලුවක් බවත් ප්‍රසන්න රණවීර මහතා පැවසීය.
“විජයකලා ත්‍රස්තවාදය පෝෂණය කරන්න,බෙදුම්වාදය කරා යන්න ප්‍රකාශ නිකුත් කරද්දී අපි පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එදා පාර්ලිමේන්තුවේ කතා කරන්න අවස්ථාව ඉල්ලුවා.නමුත් එම අවස්ථාවේ කථානායකවරයා අපි කාටවත් ඇහුම්කන් දුන්නෑ.අගමැතිතුමා ඒ ගැන බලාගනීවි කියලා කථානායකවරයා එහිදී කිව්වා.
අපි එවිට කිව්වේ අගමැතිවරයා පක්ෂයක නායකයා මිසක් පාර්ලිමේන්තුවේ නායකයා නොවෙයි.පාර්ලිමේන්තුවේ නායකයා කථානායකවරයා.කථානායකවරයාගෙන් එම අවස්ථාව දිගින් දිගටම ඉල්ලද්දී තමයි එම තත්ත්වය උදාවුණේ.ජනතාව අපෙන් අහනවා පාර්ලිමේන්තුවේ කතාකරන්නැද්ද කියලා
.පාර්ලිමේන්තුවේ කතාකරන්න අවස්ථාව ඉල්ලලා දෙන්නැතිවුණාම ඒ නියෝගවලට පිටින් ගිහින් අපට කතාකරන්න වෙනවා.ත්‍රස්තවාදය,බෙදුම්වාදය මේ රටේ ඇතිකරන්න කටයුතු කරන විජයකලාට විනය පරීක්ෂණ,නීතිය ක්‍රියාත්මක වීමක් නැහැ.නමුත් ඇයට විරුද්ධව කතා කරපු අපිට විනය පරීක්ෂණ තියෙනවා.ඒ අය අපට කරුණු දක්වන්න දෙන්නැතිව වාරණ දාන්න හදනවා.අපට පාර්ලිමේන්තුව අවුරුදු ගාණක් නැති කළත් අපේ කට නවත්වන්න බැහැ" යනුවෙන් හෙතෙම පවසා සිටියේය.
popular news
-
Champa Tuesday, 17 July 2018 12:01 PM
වරප්‍රසාද කමිටුව මොකක්ද මේ? මන්ත්‍රී වරප්‍රසාද මත තමයි විරෝධය පෙන්නුවේ. මේකට නිර්දේශයක් දුන්නද? දුන්න නම් ඒ ගැන appeal කරන්න පුළුවන්නේ නේද? ප්‍රසන්න වැරැද්දක් කරලා නැහැ. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවක මන්ත්‍රීවරුන්ට දඬුවම් දෙන්න පුළුවන් එක්කෝ අල්ලසක් ගත්තොත් එහෙම නැත්තම් පාර්ලිමේන්තුවේ මොකක් හරි කමිටුවකට බොරු සාක්කියක් දුන්නොත්. සමහර වෙලාවට මන්ත්‍රීවරු පාලනය කරගන්න බැරි වුනාම එලියට දානවා. එහෙම කරනවා නම් කරන්න තිබුනේ ඒ වෙලාවේ. කථානායකතුමා කරපු නැති දේ එතනින් එවරයි. පස්සේ වෙනම ගෙන්නලා මෙහෙම ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ. වැඩේ බරපතල නම් කථානායකතුමාට ඒ වෙලාවේ දඬුවම් දෙන්න තිබ්බ. දුන්නේ නැත්තේ කෑගැහිල්ල බරපතල දෙයක් විදියට කතානායකතුමා සැලකුවේ නැති නිසා. පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරන්න, කෑගහන්න නිදහස නැත්නම් කොහෙද තියෙන්නේ? අනිත් එක කොහෙද ලියලා තියෙන්නේ කතා කරන්න ඕනේ පුටුව ළඟ ඉඳගෙන විතරයි කියලා? පාර්ලිමේන්තුවේ well එකට එන්න තහනමක් නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ කතා කිරීමේ සහ කෑ ගැසීමේ අයිතිය හැම මන්ත්‍රීවරයෙක්ටම ලැබෙන වරප්‍රසාදයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

