මිනුවන්ගොඩ කොවිඩ් රෝහලේ ඔක්සිජන් පද්ධතිය ප්‍රතිසංස්කරණය හා වෛද්‍ය උපකරණ ලබා ගැනීම සදහා ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම රුපියල් කෝටියක (ලක්ෂ 100) මුදලක් පරිත්‍යාග කරයි. මෙම ප්රදානය සිදු කළේ සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංගගේ ඉල්ලීමකට අනුවයි.
මීට අදාළ චෙක්පත ගුවන් තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා විසින් සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි වෙත පසුගිය දා (18) භාර දුන්නේය. අදාළ මුදල කොවිඩ් අරමුදලට යොදවා එමගින් මිනුවන්ගොඩ රෝහලේ ඔක්සිජන් පද්ධතිය ප්‍රතිසංස්කරණය හා වෛද්‍ය උපකරණ අවශ්‍යතාව වෙනුවෙන් යෙදවීමට නියමිතයි.