කොරෝනො රෝගියෙකු බවට පළමුවෙන්ම තහවුරු වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ආයතනයෙහි සේවිකාවට ප්‍රතිකාර කළ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටවත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.
එම රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් හය දෙනෙකු , හෙදියන් අට දෙනෙකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු නිරෝධායනය සදහා හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බවත් එම පිරිස පී.සී.ආර් පරීක්ෂණයට යොමු කොට ලබා ගත් වාර්තා අනුව එම කිසිවෙකුටවත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු ඇතැයි ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවසීය.
ගම්පහ - තිලකරත්න දිසානායක