හබරාදුව පොලිස් නිල සෙවණ නිරෝධායන මධ්‍යස්ථානයේ සහ හෝටල් කිහියක මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇති පිරිස 620ක් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
මෙලස නිරෝධායනය වෙමින් සිටිනේ මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලවේ සේවක සේවිකාවන් හා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් පිරිසකි. ඒ අතර මිනුවන්ගොඩ හා ගම්පහ රෝහල්වල සේවය කරන හෙදියන් 07 දෙනෙක් සහ උපස්ථායකයෝ 07 දෙනෙක් ද සිටිති.
මෙම පිරිස අතරින් තවත් 12 දෙනකුගේ පමණ පීසීආර් පරීක්ෂණ අද (08) සිදුකිරීමට ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා අංශය පවසයි. වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා කියා සිටියේ මෙම පිරිස කණ්ඩායම් වශයෙන් රඳවා නොතබා හැකිතාක් කුඩා පිරිස් වශයෙන් නිරෝධායනය වීමට ඉඩ සළස්වා තිබෙන බවයි.
සජීව විජේවීර