පොළොන්නරුව මනම්පිටිය වැලි කැණිම් ව්‍යාපෘතියේ කාර්යාලයට අද (19) දින අලුයම කිසියම් පිරිසක් ගිනි තබා ඇති බව පොළොන්නරුව පොලීසිය පවසයි.
පසුගිය කාලය තුළ අවස්ථා කිපයකදිම වැලි ගොඩ දැමිම සදහා භාවිතා කරන බෝට්ටු කිපයක් ගිනි තිබා විනාශ කර තිබේ.
පරිසර අමාත්‍යංශය විසින් භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයට අනුබද්ධව ජි.එස්.එම්. බි. තාක්ෂණ සේවා පුද්ගලික සමාගමක් විසින් මනම්පිටියේ වැලි ගොඩ දැමිම සහ අලෙවිය භාරව කටයුතු කර තිබේ.
කෙසේ නමුත් අද අලුයම කිසියම් පිරිසක් විසින් ජි.එස්.එම්. බි. තාක්ෂණ සේවා පුද්ගලික සමාගමට අයත් කාර්යාලයට ගිනි තැබිම නිසා එම කාර්යාලය සහ එම ගොඩනැගිල්ලට විශාල ලෙස හානි සිදුව ඇති බවත් පොළොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් ගින්න මැඩ පවත්වා තිබේ.
උතුරුමැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ පොළොන්නරුව පළාතභාර නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සදුන්ගහවත්ත මහතාගේ නියෝග පරිදි පොළොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ පි ධමිමික විරසේකර මහතාගේ උදෙස් පරිදි පොළොන්නරුව පොලිස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජරැල් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකරුවන් සොයා පරික්ෂණ ආරම්භ කර තිබේ.

