මන්නාරම වංකාලෙයි මුහුදු වෙරළ තීරයට ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සාගරයට එක්වූ ප්ලාස්ටික් කැට ගොඩගසා තිබේ.
වංකාලෙයි මුහුදු වෙරළ තීරයට පසුගිය දින කිහිපයේම ප්ලාස්ටික් කැබලි වරින්වර ගොඩගැසීම හේතුවෙන් ධීවරයින් මේ පිළිබඳව මන්නාරම පොලීසියට දැනුම් දෙනු ලැබීය.
අනතුරුව පොලීසිය විසින් නාවික හමුදාව ඇතුලු වෙරලාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ට දැනුම් දී මුහුදු වෙරලේ නිරීක්ෂණයක නිරත විය. එහිදී ගොඩගසා තිබූ ප්ලාස්ටික් කැබලි තොගයක් එක්රැස් කර පරික්ෂණ සඳහා රැගෙන යාම සිදුවිය.
කෙසේ වෙතත් වංකාලෙයි ධීවරයින් පවසා සිටින්නේ පසුගියදා අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අමුද්‍රව්‍ය මේ වන විට මන්නාරම දෙසට පාවී පැමිණෙමින් පවතින අතර ඉදිරියේදී මෙම තත්වය වැඩිවීමේ අවධානමක් පවතින හෙයින් මේ පිළිබඳව බලධාරීන් අවධානය යොමු කළ යුතු බවයි.