මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිණීවලේ සිදු කරන ලද කැනීම් කටයුතු අද (05) දක්වා සිදු කිරිමේදි මිනිස් ඇටසැකිලි සිරුරු 252ක් හමුවූ බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අද වන විට මන්නාරම් සමූහ මිණී වලේ දින 111ක් පුරාවට සිදු කරන ලද කැනීම් වලදී මිනිස් සිරුරු ඇටසැකිලි 252ක් හමු වී ඇති අතරම ගොඩගත් සිරුරු 252න් සම්පූර්ණ සිරුරු කොටස් 246 කට අදාළ සිරුරු වෙන්කොට තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති බවට විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු පසුගිය නොවැම්බර් 14 වනදා තාවකාලිකව නවතා දැමුණු අතර පසුව නොවැම්බර් 27 වනදා නැවත කැනීම් කටයුතු ආරම්භ කරන විට මිනිස් සිරුරු 235 ක් හමු වී තිබිණු අතර එදින සිට මේ දක්වා සිදු කරන ලද කැනීම් වලදී තවත් සිරුරු 17 ක් අද වන විට හමු වී ඇත.