මදුවකට හසුව මියගොස් සිටි කොටියෙකුගේ සිරුරක් ගම්පොල, දොළුව, අඹගස්තැන්න ප්රදේශයේ වල්බිහි වු ඉඩමක තිබියදී අද (23) සොයා ගත්බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
වනජීවී නිලධාරීන් එම ස්ථානයට යනවිටත් මෙම කොටියා මදුවට හසුව මියගොස් සිටි බව අනාවරණය වී තිබේ.
සතුන් දඩයම් කිරීමේ අරමුණින් පුද්ගලික වත්තක අටවා තිබු මදුවකට හසුව මෙසේ වයස අවුරුදු හතරක පමණ හොදින් වැඩුණු කොටියෙකු මියගොස් සිටි බවත් මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරමින් පවතින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කියති.
වනසතුන්ට උගුල් හෝ මදු ඇටවීම නීතිවිරෝධි ක්රියාවක් බැවින් මෙම මදුව ඇටවු පුද්ගලයාද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණිවීමට කටයුතු කරන බව එම නිලධාරීහු වැඩිදුරටත් කීය.
ශාන් හුලංනුගේ