මන්ත්රීවරුන් මුදලට මිලදී ගැනීමට කළ උත්සාහයන් සම්බන්ධයෙන් ට්රාන්පේරන්සි ආයතනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට කළ පැමිණිල්ලට අදාළව එම කොමිෂම සිය පරික්ෂණ ආරම්භ කර තිබේ.
ඒ අනුව අද දිනයේදී ට්රාන්පේරන්සි ඉන්ටනැෂනල් ශ්රී ලංකා ආයතනය කොමිෂම හමුවේ විස්තරාත්මක ප්රකාශයක් ලබාදී ඇත.
අල්ලස් පනතේ ප්රතිපාදන අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුට අල්ලසක් ලබාදීම හෝ ලබාදීමට තැත් කිරීම වසර 7ක සිර දඬුවමක් ලැබිය හැකි වරදකි.
මෙම විමර්ශනය ඉදිරියට ගෙන යන බවත්,අනාගතයේදී අදාළ පාර්ශවයන්ගෙන් ප්රකාශ සටහන් කරන බවත්, අල්ලස් කොමිසමේ තහවුරු කළ බව ට්රාන්ස්පේරන්සි ආයතනය නිවේදනය කරයි.