Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
පාර්ලිමේන්තුවේ 225ක් අත්සන් කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා නොදෙන බවට කළ ප්‍රකාශය තම පෞද්ගලික දේශපාලන මතය බවත් එම මතය තුළ තමන් අදත් එළෙසින්ම සිටින බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්රාමාත්යධුයේ දිවුරුම් දීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අමතා ඔහු මෙම ප්‍රකාශ කර තිබේ.
එහෙත් පාර්ලිමේන්තු සම්ප්රදයාට හා ප්රජාතන්ත්රවාදයට ගරු කරන නායකයෙක් ලෙස තමන් රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර අග්රාමාත්යධූරය ලබාදීමට තීරණය කළ බවත් ඔහු සඳහන් කළේය.
පසුගිය කාලයේදී තමන් ගත් සියලු තීරණ රටේ ඉහළම නීති විශාරදයන්ගේ උපදෙස් අනුව ගත් බවත් එය රටේ සද්භාවය වෙනුවෙන් ගත් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරිමේ කිසිඳු අයහපත් චේතනාවක් නොතිබුණ බවත් ඔහු සඳහන් කර තිබේ.
popular news
Champa Sunday, 16 December 2018 06:08 PM
මේ කතාවෙන් පැහැදිලියි:- 1. මීළඟට පත්වෙන ජනාධිපතිවරයා රටේ ව්‍යවස්ථාව කියවා තේරුම් ගත හැකි පුද්ගලයෙක් වීම. ව්‍යවස්ථාව නොදනිම බරපතල කාරණාවක්. ජනාධිපති ධූරයට ඉල්ලන්න කලින්, ඉස්සෙල්ල ව්‍යවස්ථාව තේරුම් ගන්න පුලුවන්ද බලන්න ඕනේ. නීතිඥවරු කියන ජාතිය වැඩ කරන්නේ මුදලට. ඔවුන් දේශපාලකයන් මෙන් රටට සේවය කරන පිරිසක් නෙමෙයි. ඔවුනේ තර්ක ලැබෙන මුදල හෝ තමන්ගේ පක්ෂපාතිත්වය අනුව අඩු වැඩි වෙනවා. දැන් ඔය උපදෙස් දීපු නීති විශාරදයෝ නීතිය දන්නේ නැති විශාරදයෝ කියලා ඔප්පු වෙලා තියෙන නිසා ඔවුන්ව ඉවත් කරන්න ඕනේ. 2. තමයි කරන්න බැරි දේවල් කතා නොකිරීම. 225ම කිව්වත් රනිල් හෙවත් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන දේශපාලකයාව අගමැති කරන්නේ නැහැ කියල කිව්වේ පෞද්ගලික අදහසක් නම් පස්සේ එහෙම කරන්න වුනහම තමන් ඉල්ලා අස් වෙන්න ඕනේ. ඒ මොකොද කිව්වා නම් රටේ ජනාධිපතිට රටේ බලපතලම කාරණාවක් ගැන පෞද්ගලික අදහස් ප්‍රකාශ කරන්න බැහැ. කතා කරන්න ඕනේ ව්‍යවස්ථානූකූලව සහ රටේ නීතියට අනුව. කොටින්ම කියනවා නම් රටේ ජනාධිපති ගොන් part දැමීමෙන් වලකින්න ඕනේ. ඒ මොකොද කිව්වා නම් රාජ්‍ය පාලනය කියන්නේ රූකඩ නටවනවා වගේ විනොදාස්වාදයට කරන දෙයක් නොවෙන නිසා.
Reply : 104 136
Champa Sunday, 16 December 2018 06:35 PM
ඊළඟ ජනාධිපතිවරණයට ඉල්ලන මිනිස්සු කලින් ස්වයං තක්සේරුවක් කරගන්න ඕනේ තමන්ට රට පාලනය කරන්න තරම් දැනුමක් ආත්ම විශ්වාසයක්, සහ ධෛර්යයක් තියෙනවද කියල. රට පාලනය කරන්න යන්නේ උපදේශකයන් කේවට්ටයන් අන්තේවාසිකයන් ඇම්බැට්ටයන් හෙන්චය්යියන් කියන විදිහට නම් ඒ පුදගලය රටේ ජනාධිපති තනතුර වගේ භාරදූර කාර්යයකට සුදුසු නැහැ. මන්ත්‍රීකමකට නම් සුදුසු වෙන්න පුළුවන්. අවුරුද 40ක් තිස්සේ ජනතාව ජනාධිපති තේරුවේ අඳුරේ අතපත ගගා. මේක ඊළඟ ජනාධිපතිවරණයේදී වෙනස් කරන්නම ඕනේ. ඊළඟට පත්වෙන ජනාධිපතවරයා තමන්ගේ දැක්ම තමන්ම විස්තර කරලා කියන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම මිනිස්සු ජනාධිපතිවරණෙට ඉල්ලයිද මම දන්නේ නැහැ. නමුත් මම හිතන්නේ මට වගේම දැන් නම් ලංකාවටම මේ දේශපාලනය ඇති වෙලා. ඇත්තටම කොව්වොත් දේශපාලකයන්ගේ කොමඩි-part ඇති වෙලා තියෙන්නේ. රට මේ වගේ අගාධයකට ඇද දැම්මේ කිසි දැක්මක් ප්‍රතිපත්තියක් නැති ලොකුම පක්ෂ දෙකේ දේශපාලකයන්. අවුරුදු 70කට පස්සෙත් අපි අදටත් හිඟා කනවා. බටහිර ආධිපත්‍යයට විතක් නෙමෙයි අපි ආසියානු ආධිපත්‍යයටත් යටත් වෙලා. Ad-hoc ප්‍රතිපත්ති නිසා රුවල කැඩුණු නැවක් වගේ රට ඒ මේ අත පාවෙනවා. ලංකාවට අලුත් නායකත්වයක් අවශ්‍යමයි.
Reply : 207 234
Rattharan Sunday, 16 December 2018 07:21 PM
අනේ මෙය ගරු කරපු ප්රජාතන්ත්රවාදය ,,,,, අපි විතරක් නෙමේ මුළු ලෝකයම දැක්ක මෙයා ප්රජාතන්ත්රවාදය අමු අමුවේ උල්ලංගනය කරලා ඉල්ලන් කාපු විදිහ ,,,,, තවත් ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන්න කිසිම අයිතියක් නැහැ ....
Reply : 164 305
udaya Monday, 17 December 2018 12:05 AM
මම මෙයාගේ කතාව ඇහුව ඉතින් රට පාලනය කරන්න දේශපාලකයෝ ඕන නැහැ හාමුදුරුවන්ට කොටසක් බර දෙමු හමුදා නිලදරින්ට කොටසක් බර දෙමු ඔවුන් වැරදි කරනවානම් සමව දෙමු හේතුව ඔවුන් මේ රට වෙනුවෙන් කැප කරපු නිසා හැමෝටම හොරකම් කරන්න දෙමු සන්ස්ක්රුතියාට හැම දේම බර දෙමු
Reply : 4 37
lion Monday, 17 December 2018 05:16 AM
මොහු ජනාදිපති බවට නුසුදුසු අයකු බව මේ කතාවෙන්ම ඔප්පුවෙනවා.මොහු පමණක් නොවඊ මේ විනාසයට මේ යෝදය දක්කන්ගිය රාජපක්ෂ nadayatai ගොඩ perakadoruwantai දඬුවම් දෙන්න මේ රටේ nethiyak නැද්ද.
Reply : 4 47
Nalin Nuwara Monday, 17 December 2018 07:38 AM
ඔබ ඔබව දකින්නේ ඔබ සිතන මතන දේ අනුව උවත්, ඔබව ලෝකය දකින්නේ ඔබ ඉටු කරන ක්‍රියාවන්ගෙන් බව මතක තබා ගන්න.
Reply : 0 204
Deepal Nirosh Monday, 17 December 2018 08:33 AM
ඔය බොරු සිංහ නාද වලින් වැඩක් නැහැ මහත්තයො. 19 ඉදිරියෙ තමුන්ගෙ ව්‍යවස්ථාමය පරාජය දැන්වත් පිළිගන්න. රටේ ඉදිරිය ගැන හිතල මුලින්ම තමුන් නියෝජනය කරල එජනිස විපක්ෂ නායකත්වය ලබාගන්න උත්සාහ කරන්න. ඊට පස්සෙ ජවිපෙ (?) ගෙන ඒමට දඟලන 20 වන සංශෝධනය පරාජය කරල රටේ ස්ථාවරත්වය මේ තරමින්වත් තහවුරු කරල දෙන්න.
Reply : 0 36
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd